අපි සමහර වෙලාවට අපේ ජීවිතේ දිහා බලනවට වඩා අනිත් අයගේ ජීවිත දිහා බලන්න පුරුදු වෙලා ඉන්නවා.
එයාලා කොච්චර ඉස්සරහට ගිහින්ද,එයාලට කොච්චර දේවල් ලැබිලද,එයාලා කොච්චර සතුටින් ඉන්නවද කියලා හිතන අතරේ අපිට අපි ළඟ තියෙන දේවල් පවා අමතක වෙනවා.
සමහර වෙලාවට අනිත් කෙනෙක්ගේ ජයග්රහණයක් දකිනකොට අපි අපේ ජීවිතේ පරක්කුයි කියලා හිතනවා.
ඒත් හැමෝම එකම පාරේ යන්නේ නැහැ.!
කෙනෙක්ට ඉක්මනින් ලැබෙන දෙයක් තවත් කෙනෙක්ට ලබාගන්න කාලයක් යන්න පුළුවන්.
ඒකෙන් අදහස් වෙන්නේ කවුරුහරි කෙනෙක් අපිට වඩා හොඳයි කියන එකවත්,අපි කාටහරි වඩා අඩුයි කියන එකවත් නෙවෙයි.
අනිත් අයගේ ජීවිත එක්ක අපේ ජීවිත සංසන්දනය කරනකොට අපි දකින්නේ එයාලගේ ජීවිතේ එක පැත්තක් විතරයි.
අපි නොදන්න ප්රශ්න,අපි නොදන්න උත්සාහයන් ඒ පිටිපස්සේ තියෙන්න පුළුවන්.!
ඒ නිසා අනිත් කෙනෙක්ගේ ගමන දිහා බලලා තමන්ගේ ගමන ගැන කලකිරෙන්න එපා.!!
ඊයේ හිටපු තමන්ට වඩා අද තමන් ටිකක් හරි ඉස්සරහට ගිහින් නම්,ඒකත් ජයග්රහණයක්.
මොකද අපේ ජීවිතේ
වටිනාකම තීරණය වෙන්නේ අනිත් අය අපිට වඩා කොච්චර ඉස්සරහින් ඉන්නවද කියන එකෙන් නෙවෙයි.
අපි අපේ ජීවිතේ කොහොමද ගොඩනඟාගන්නේ කියන එකෙන්.🌱
ඔයා ඔයා වෙන්න.!!unique වෙන්න.🧿🤍
🖋Dew🩵....