A Whisker Away [ සිංහල හඩකැවූ ] 🎬🐱
——————
කතාවේ හැරවුම් ලක්ෂය වෙන්නේ මුගේට අහඹු ලෙස මුණගැසෙන අද්භූත වෙස්මුහුණු වෙළෙන්දෙක් 🎭. ඔහුගෙන් ලැබෙන මායාකාරී වෙස්මුහුණක් පැළඳීමෙන් මුගේට පුළුවන් වෙනවා "තාරෝ" නමින් හැඳින්වෙන ලස්සන සුදු බළලෙකු බවට පත්වෙන්න 🐈⬜️✨. මිනිස් වෙස් ගෙන හිනෝඩේ වෙත ළඟා වීමට නොහැකි වුණත්, බළලෙකු ලෙසින් ඇයට ඔහුගෙන් විශාල ආදරයක් සහ රැකවරණයක් ලැබෙනවා 💖. මේ නිසා ඇය නිතරම බළලෙකු වී ඔහු අසලට යාමට පෙළඹෙන අතර, ක්‍රමයෙන් ඇගේ සැබෑ මිනිස් ජීවිතයට වඩා බළල් ජීවිතය ඇයට සමීප වෙන්න පටන් ගන්නවා 🏠🐾.
නමුත් මේ මායාව පිටුපස භයානක රහසක් සැඟවී තිබෙනවා. ඇය වැඩි වැඩියෙන් බළලෙකු ලෙස කාලය ගත කරද්දී, ඇගේ සැබෑ මිනිස් මුහුණ අහිමි වී සදහටම බළලෙකු වීමේ අවදානමක් මතු වෙනවා. වෙස්මුහුණු වෙළෙන්දාගේ කපටි උගුලකට හසුවන මුගේට, තමන්ගේ මනුෂ්‍යත්වය බේරාගෙන හිනෝඩේට තමන්ගේ සැබෑ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් වෙයිද කියන කුතුහලයත් එක්ක කතාව ගලාගෙන යනවා. ආදරය, ජීවිතයේ ප්‍රශ්න සහ තමන් කවුද කියන එක තේරුම් ගැනීම ගැන කියවෙන මේ නිර්මාණය, ඕනෑම ඇනිමේ රසිකයෙකු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සංවේදී කතාවක්.